තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාව 20 -20 තරඟයක ජයග්‍රහණයේ පහස ලබයි

Monday, 23 January 2017 - 6:51

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94++%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+20+-20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මසකට ආසන්න කාලයක් දකුණු අප්‍රිකාවේදී සොයාගත නොහැකිව තිබූ ජයග්‍රහණයක පහස විදින්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවැති දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරඟය කඩුලු 3 කින් ජය ගනිමින්.

මේ තරඟය පැවැත්වුණේ ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීයි.

‍තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රි ලංකා කණ්ඩායම අද තරඟයට එක් වුණේ වෙනස්කම් දෙකක් සමගින්.

සුරංග ලක්මාල් සහ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් වෙනුවට ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදාන කණ්ඩායමට කැඳවා තිබුණා.

එම කැඳවීමට සාධාරණය ඉටු කළ ඉසුරු උදාන ඔහුගේ පළමු පන්දුවෙන් ම දකුණු අප්‍රිකා කණ්ඩායමේ දෙවන කඩුල්ල දවාගන්නට සමත් වුණා.

සිය මංගල පන්දුවාර 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ සඳකැන් ද තමන් යැවූ පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගත්තේ දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ලකුණු 41 කට කඩුලු 3 ක් ලෙස සටහන් කරමින්.

එයින් නොනැවතුණු ඔවුන් දෙදෙනා තවත් කඩුලු 5ක අයිතිය තමන් අතරේ බෙදා ගනිද්දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් සියලු දෙනා පන්දුවාර 19 යි පන්දු 3 ක් තුල ලකුණු 113 කට දැවී ගියා.

හීනෝ කූන් ලකුණු 29 සහ නායක ෆර්හාන් බෙහර්ඩීන් ලකුණු 27ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 4 ක් සහ ඉසුරු උදාන කඩුලු 3 ක් දවාගත්තා.

ඊට අමතරව නුවන් කුලසේකර කඩුලු 2 ක් බිදහෙලුවා.

ලකුණු 114 ක ඉලක්කයක් හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි විසින්.

ඔහු තම පළමු පන්දුවාර 3 තුළ කඩුලු 3 ක් දවාගන්නට සමත් වුණා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 22 ක් රැස් කළේ හතරේ පහර 5 ක් සමගින්.

අනතුරුව පිටියේ එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සිව්වන කඩුල්ලට ලකුණු 51 ක සබදතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ කරන්නට සම්ත වුණා.

කෙසේ වෙතත්ල දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා සිටියදී ඉතා දුර්වල පහරක් එල්ල කරමින් දැවී ගියේ දකුණු අප්‍රිකාවට නැවතත් තරගයට අවතීර්ණ වීමේ ඉඩ සලසා දෙමින්.

පසුපෙළ පිතිකරුවන් කිසිවෙකුත් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන්නට සමත් වුණේ නැහැ.

හොදින් පන්දුවට පහර දෙමින් සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් 19 වන පන්දුවාරයේදී පාදයේ ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පාඩුවක් වුණා.

අවසන් පන්දු වාරයේදි ජයග්‍රහණය සදහා ලබා ගැනීමට ඉතිරිව තිබූ ලකුණු සංඛ්‍යාව 7 ක්.

ලකුණු සදහා පැති මාරු කර ගැනීමට නොහැකි වුවත් ආබාධය සමගින් ම ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් දැවැන්ත හයේ පහර 2 ක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය වෙත ගෙනයන්නට සමත් වුණා.

මේ අනුව පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුණේ කඩුලු 7 කට ලකුණු 119 ක් ලෙසින්.

මැතිව්ස් නොදැවී ලකුණු 54 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලුංගි එන්ගිඩි කඩුලු 4ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ඇන්ජලෝ මැතිව්ස්.

මේ අනුව තරග 3 කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය මේ වනවිට තරග 1 – 1ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.



\"\" \"\"