ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ වැඩසටහනක්

Tuesday, 24 January 2017 - 8:09

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් ක්‍රීඩාව ලොව ජනප්‍රියතම ක්‍රීඩාවක් බවට පත් කරලීමේ වැඩසටහනක් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ඩුබායි හි පිහිටි සිය මුලස්ථානයේදී ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර සම්මේලනයේ ක්‍රිකට් සංවර්ධන අංශයේ නව ප්‍රධානි විලියම් ග්ලෙන්රයිට් සහ කලාපීය සංවර්ධන කළමනාකරුවන් පස් දෙනා ඊට එක්ව සිටින බව සඳහන්.

විලියම් ග්ලෙන්රයිට් රග්බි ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරිම තුලින් ක්‍රීඩා සංවර්ධනයේ  මනා අත්දැකිම් සහිත අයෙක්.

මෙම 5 දින වැඩමුළුවේදී මේ වසරේදී ජුනි මාසයේදි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සකස් කෙරෙනු ඇති.

ක්‍රිකට් ක්‍රීඩාව මෙතෙක් ප්‍රචලිත නොවු චීනය,ජපානය ආදී රටවල ද ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරලීම සඳහා මෙහිදී සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතයි.