නවසීලන්තය ටෙස්ට් තරඟාවලිය ජය ගනී

Tuesday, 24 January 2017 - 10:22

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නවසීලන්තය සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය කඩුලු 09කින් ජය ගන්නට නවසීලන්තය ඊයේ සමත් වුණා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දී පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලකුණු 289ක් රැස් කළ අතර නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 354ක් රැස් කළා.

නවසීලන්තයට වඩා ලකුණු 65ක් පිටු පසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම සදහා සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 173ක් පමණයි.

ඒ අනුව ලකුණු 109ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.          

එම තරඟයේ ජයත් සමගින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 2-0 ලෙස නවසීලන්තය ජය හිමි කරගත්තා.

\"\" \"\" \"\" \"\"