දකුණු අප්‍රිකානු ප්‍රබලයෙක් යළි කණ්ඩායමට

Tuesday, 24 January 2017 - 13:46

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකාව සිය කණ්ඩායම නම් කර තිබෙනවා.

එහිදී දකුණු අප්‍රිකාවේ ප්‍රබලතම පිතිකරුවෙකු වන ඒ.බී. ඩිවිලියර්ස් නැවතත් කණ්ඩායමට එක්වීමට නියමිතයි.

කායික ආබාධයකට ලක්වීම නිසා ඔහු පසුගිය ජුනි මාසයේ සිට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ.

පාදයක ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාව සමඟ පැවැති එක්දින තරගාවලිය අහිමි වූ ක්‍රිස් මොරිස් ද දකුණු අප්‍රිකානු පිළට එක්වනවා.

උරහිසේ ශල්‍යකර්මයකට ලක් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් තවදුරටත් විවේක ගන්වා ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු විස්සයි විස්ස තරඟ දෙකේ දී කඩුලු 6ක් ලබා ගත් 20 හැවිරිදි නවක ක්‍රීඩක ලුංගි නිගිඩි දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමට එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන විස්සයි විස්ස තරඟය හෙට කේප් ටවුන් හිදී පැවැත්වෙන අතර පළමු එක්දින තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ සෙනසුරාදායි.