නවසීලන්ත රග්බි ක්‍රීඩකයෙක් දිවියෙන් සමුගනී

Monday, 13 February 2017 - 10:38

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නවසීලන්ත රග්බි කණ්ඩායම නියෝජනය කළ Sione Lauaki ඊයේ මියගොස් තිබෙනවා.

Sione Lauaki 2005 - 2008 කාලය තුල නවසීලන්තය All Blacks රග්බි කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

ටොංගා ජාතිකයෙකු වන Sione Lauaki හදවතේ සහ වකුගඩු වල යම් රෝගී තත්වයකින් පෙලෙන බවට  2012 වසරේදී හදුනාගෙන ඇතිබව විදෙස් වාර්තා සදහන් කරනවා.

මියයන විට 35වන වියේ පසු වූ Sione 1981 ජුනි මස 22 වනදා උපත ලබා තිබෙනවා.

Sione Lauaki නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් රග්බි තරඟ 17කට ක්‍රීඩා කර ඇති අතර 2007 රග්බි ලෝක කුසලානය නියෝජනය කළ කණ්ඩායමේද සාමාජිකයෙක්ව සිටියා.