දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

Friday, 17 February 2017 - 16:23

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අද පැවතී 20 යි 20 තරඟය ලකුණු 78 කින් ජයගන්නට දකුණු අප්‍රිකාව සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනු නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06කට ලකුණු 185ක් රැස් කළා.

ලකුණු 186ක ඉල්ලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 05කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 107ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉම්රාන් තාහීර් පන්දුවාර 03යි පන්දු 05 කදී ලකුණු 24කට කඩුලු 05ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

\"\" \"\"