තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාවට ජය

Sunday, 19 February 2017 - 17:26

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවතී දෙවන විස්සයි විස්ස තරඟය ජයගන්නට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 173ක් රැස්කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් කුලසේකර සිය පන්දුවාර 04 තුල ලකුණු 31කට කඩුලු 04 ක් දවා ගත් අතර ලසිත් මාලිංග සහ විකුම් සංජය කඩුලු දෙක බැගින් බිද දැමුවා.

ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක්  දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 82ක් ලබාගත්තේ පන්දු 46කදී හයේ පහර 05ක් සමගින්.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත තරඟාවලිය තරඟ දෙකට බින්දුවක් ලෙස ලංකාව ඉදිරියෙන් සිටිනවා.

තරඟයේ වීරයා අසේල ගුණරත්න.

\"\" \"\"