දෙවන එක්දින තරඟයේ ජය නවසීලන්තයට

Wednesday, 22 February 2017 - 13:43

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවන එක්දින තරඟය ලකුණු 6 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (22) සමත් වුණා.

ක්‍රයිස් චර්ච්හි පැවති තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 289 ක් රැස් කළා.

එහිදී රොස්ටේලර් නොදැවී ලකුණු 102 ක් ලබා ගත් අතර, ජේම්ස් නීෂම් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 71 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 283 ක් පමණයි.

තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ තරඟය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම මේ වනවිට සම තත්ත්වයේ පසුවනවා.