ඔස්ට්‍රේලියාවට ලකුණු 41 ක ජයක්

Wednesday, 22 February 2017 - 17:45

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+41+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන සහ අවසන් 20 යි 20 තරගයෙන් ලකුණු 41 ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුනා.

ඇඩිලේඩිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 187 ක්.

ඒරන් ෆින්ච් 53 යි. පන්දු 43 කින් ලබාගත් එම ලකුණු 53 ට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත් වුනා.

මයිකල් ක්ලින්ගර් වේගවත් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 43 කින්.

ඊට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

බෙන් ඩන්ක් ලකුණු 28 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර යි පන්දු ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 146 ක් පමණයි.

දිල්ෂාන් මුණවීර 37 යි.

මිලින්ද සිරිවර්ධන ලකුණු 35 ක් රැස් කලා.

පසුගිය තරග දෙකේදී ඉහළ දක්ෂතා දැක්වු අසේල ගුණරත්න අද තරගයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 4 ක්.

උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස් ලකුණු 14 බැගින් ලබාගත්තා.

ඇඩම් සම්පා සහ ජේම්ස් ෆෝක්නර් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

කෙසේවෙතත් මෙම තරගාවලියේ පළමු තරග 2 ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය හිමිකරගෙන තිබෙනවා.

මෙම 20 යි 20 තරගාවලියේ වීරයා සම්මානය අසේල ගුණරත්නට හිමිවු අතර ඇඩම් සම්පා ට අවසන් තරගයේ වීරයා සම්මානය හිමිවුනා.

\"\" \"\"
\"\"