ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Friday, 24 February 2017 - 9:16

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඔස්ට්‍රේලියාව සමග පැවති 20 යි 20 තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ උත්සවයක් ද පැවැත්වු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මෙම උත්සව අවස්ථාවේදී තරගාවලියේ වීරයා වු අසේල ගුණරත්නට ඉහළ ප්‍රතිචාරයක් හිමිවු බව සඳහන්.

පිළිගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුනා.

ඊට කණ්ඩායම් පුහුණුකරු ග්‍රැහැම් ෆොර්ඩ් / කළමණාකරු රංජිත් ප්‍රනාන්දු මෙන්ම තරගාවලියේදී  කැපී පෙනෙන දස්කම් දැක්වු අසේල ගුණරත්න සහ ලසිත් මාලිංග ද එක්ව සිටියා.

එහිදී අසේල ගුණරත්න ප්‍රකාශ කලේ දකුණු අප්‍රිකා සංචාරයේ අත්දැකීම් ඔස්ට්‍රේලියා සංචාරයේදී තමන්ට බෙහෙවින් ඉවහල් වු බවයි.

විශේෂයෙන් දකුණු අප්‍රිකා තණතිලි සහ ක්‍රීඩා පිටිවලට සමාන තත්වයක් ඔස්ට්‍රේලියාවේ ද පැවතිම හේතුවෙන් තමන්ට වැඩි දස්කම් දැක්වීමට හැකිවු බවයි ඔහු කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වු ලසිත් මාලිංග ප්‍රකාශ කලේ තමන් වසරකට වැඩි කාලයක් තමන් ක්‍රීඩාවෙන් ඈත්වී සිටීම හේතුවෙන් තවමත් පැරණි දස්කම් අතරට පැමිණ නැතැයි විශ්වාස කරන බවයි.

එහෙත් ඉදිරියේදී තවදුරටත් වැඩි දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවන බවයි මාලිග සඳහන් කලේ.