ඉන්දියාව පරදවමින් ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Saturday, 25 February 2017 - 15:23

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියාව අතර පූනේ නුවර පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 333කින් ජයගන්නට ඕස්ට්‍රේලියාව අද සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පළමු  ඉනිමේදී ලකුණු 260ක් රැස් කළ අතර, ඉන්දියාවට මුල් ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 285ක් රැස් කළා.

ඒ අනුව ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 441ක ඉලක්කයක් හිමි වූ අතර ඉන්දියාවට සිය දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 107ක් පමණයි.

\"\" \"\" \"\" \"\"