බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය රංගනට

Saturday, 25 February 2017 - 20:58

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%A7
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත් පත්කර ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

කෙසේවෙතත් මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතව ඇත්තේ ලබන අගහරුවාදායි.

ආබාධයක් හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් මෙම ටෙස්ට් තරගාවලියට සහභාගී වන්නේ නැහැ.

කෙසේවෙතත් ඔහු එක්දින සහ 20 යි 20 තරගාවලියට එක්වන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු 7 වනදා ගාල්ලේදී ආරම්භ වනවා.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ මාර්තු 25 වනදා දඹුල්ලේදී පැවැත්වෙන තරගයෙන්.

එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුලත් වනවා.