සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.
දිනය නිමාවන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස්කරගෙන සිටිනවා.
දිල්රුවන් පෙරේරා ලකුණු 26 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 16 ක් ලබා නොදැවී ක්‍රීඩා කරනවා.
දිමුත් කරුණාරත්න අද සිය 5 වන ටෙස්ට් ශතකය ලබාගත්තා.
ශකීබ් අල් හසන්ගේ පන්දුවකට සොවුම්ය සර්කාර් අතට උඩ පන්දුවක් ලබාදෙමින් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 126 ක්.
කුසල් මෙන්ඩිස් 36 යි. උපුල් තරංග ලකුණු 26 කට දැවීගියා.
ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 338 යි. බංග්ලාදේශය පළමු ඉනිම සඳහා ලකුණු 467 ක් ලබාගත්තා.