දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය නොමිලේ නැරඹීමට අවස්ථාව

Sunday, 19 March 2017 - 7:16

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද දිනයේදී නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවනවා.

මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායමේ සියවන ටෙස්ට් තරගය බැවින් එය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එබැවින් මෙම තරගය ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ධෛර්යමත්  කිරීම සඳහා පැමිණෙන ලෙසටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින්නේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දිනය නිමාවන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස්කරගෙන සිටිනවා.

දිල්රුවන් පෙරේරා ලකුණු 26 ක් සහ සුරංග ලක්මාල් ලකුණු 16 ක් ලබා නොදැවී ක්‍රීඩා කරනවා.

දිමුත් කරුණාරත්න සිය 5 වන ටෙස්ට්  ශතකය ලබාගත්තා.

ශකීබ් අල් හසන්ගේ පන්දුවකට සොවුම්ය සර්කාර් අතට උඩ පන්දුවක් ලබාදෙමින් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 126 ක්. කුසල් මෙන්ඩිස් 36 යි.

උපුල් තරංග ලකුණු 26 කට දැවීගියා. ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 338 යි. බංග්ලාදේශය පළමු ඉනිම සඳහා ලකුණු 467 ක් ලබාගත්තා.