තරඟ පරාජයට හේතු රංගන පහදයි

Monday, 20 March 2017 - 7:13

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බංග්ලාදේශය සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පරාජයට පත් වුයේ කණ්ඩායමක් ලෙස පන්දු රැකීමේදි දැක්වු දුර්වලතා නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය ඊයේ අවසන් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් ජය ලබා ගැනිමට බංග්ලිදේශ ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.

එය ඔවුන්ගේ සියවන ටෙස්ට් තරඟය වීමද විශේෂත්වයක්.

බංග්ලාදේශය මීට පෙර ටෙස්ට් තරග 08ක් ජයගෙන ඇති අතර ඔවුන් හමුවේ මීට පෙර සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් පමණක් ටෙස්ට් තරඟ පරාජයට පත්වී තිබුණා.