ඕස්ට්‍රේලියා - ඉන්දියා ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිම වෙයි

Tuesday, 21 March 2017 - 9:13

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක  ඕස්ට්‍රේලියානු පිළ සහ ඉන්දියාව අතර රංචි හි දී පැවැති 3 වන ටෙස්ට් තරඟය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

මෙම තරඟයේ පළමු ඉනිමේදී  ඕස්ට්‍රේලියාව ලකුණු 451ක් ලබා ගත් අතර, ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 603ක් රැස් කළා.  

ඕස්ට්‍රේලියාව දෙවන ඉනිමේදී තරඟය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා.

මේ අනුව තරඟ 4කින් යුත් ටෙස්ට් තරගාවලිය තවදුරටත් එකට එකක් ලෙස ජයග්‍රහණ සම මට්ටමේ පවතිනවා.

ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර 4 වන සහ අවසන් ටෙස්ට් තරඟය මාර්තු 25 වන දා සිට ධර්මසාලා හිදී පැවැත්වීමට නියමිතයි.