බංග්ලාදේශ - ශ්‍රී ලංකා එක්දින තරඟයේ ජය හෙට තීරණාත්මකයි

Friday, 24 March 2017 - 12:59

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, හෙට ආරම්භ වන එක්දින තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට 2019 අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවසනවා.

එමෙන්ම, ජයග්‍රාහී කණ්ඩායමට අයි.සී.සී. එක්දින දර්ශකයේ ඉදිරියට ගමන් කිරීමට ද හැකිවනු ඇති.

එක්දින දර්ශකයේ 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව තරඟාවලියට පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු 98 ක් සමඟයි.

ප්‍රසාද ලකුණු 91 ක් ලබා සිටින බංග්ලාදේශය දර්ශකයේ 7 වන ස්ථානය පසුවනවා.

තරඟ 3 කින් යුත් එක්දින තරඟවලිය 3 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත් ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 100 දක්වා ඉහළ යන අතර බංග්ලාදේශය ලකුණු 88 ක් ලබා පාකිස්ථානයට පහළින් ශ්‍රේණි ගත කෙරෙනු ඇති.

එහෙත්, තරඟවලිය පූර්ණ ලෙස ජයගතහොත් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 බැගින් ලබමින් එක්දින දර්ශකයේ සම 6 වන ස්ථානය හිමිකර ගනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේ.