එක්දින පිටියේ පිතිකරුවන්ගේ භීතිකාවක් පිටිය අතහැර යයි

Monday, 27 March 2017 - 12:33

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර එක්දින පිටියේ පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව සිටි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ටේට් සියලු ක්‍රිකට් තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 34 වන වියේ පසුවන ශෝන් ටේට් ලොව වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 03 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.

පැයට කිලෝමීටර් 161.1 kmph වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට් විසින් 2010 වසරේ දී එංගලන්තය සමඟ පැවති තරඟයකදී මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

එක්දින තරග 35ක දී කඩුලු 62ක් සහ පන්දුවාර විස්ස තරග 21ක දී කඩුලු 28ක් බිඳ හෙළා ඇති ඔහු 2011 වසරෙන් පසුව කිසිඳු එක්දින තරඟයකට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති බව සදහන්.

ඉන්දියාවේ සූරූපී නිරූපණ ශිල්පිනියක වන Mashoom Singha සමඟ ශෝන් ටේට් විවාහ වී ඇති අතර 2014 වසරේදී මොවුන්ගේ විවාහය සිදු වුණා.

කෙසේ වෙතත් ක්‍රීඩාවෙන් සමුගෙන ඔහු ස්ථීර පදිංචියට ඉන්දියාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.