සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය තවත් සුලු වේලාවකින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත්තේ.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගගේ 200 වන එක්දින තරගය වීම ද විශේෂත්වයක්.
මේවන විට එක්දින තරග 199 කට ක්‍රීඩා කර ඇති උපුල් තරංග ලකුණු 5829 ක් ලබා සිටිනවා.
එක්දින ශතක 14 ක් සහ අර්ධ ශතක 50 ක් ද ඔහුගේ වාර්තා අතරට ඇතුලත්.
අද ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක / කුසල් මෙන්ඩිස් / දිනේෂ් චන්දිමාල් / අසේල ගුණරත්න / මිලින්ද සිරිවර්ධන / තිසර පෙරේරා / දිල්රුවන් පෙරේරා / සුරංග ලක්මාල් / නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් ඇතුලත්.
පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත්වු සචිත් පතිරණ / ලක්ෂාන් සඳකැන් සහ ලහිරු කුමාර අද කණ්ඩායමට නම්කර නැහැ.