ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කිරීමට පකිස්ථාන පිතිකරු යුනිස් ඛාන් අද සමත්වුනා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කින්ග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.
අද දිනය නිමාවන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන කොදෙව්වන් කඩුලු 4 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා.
කොදෙව් පළමු ඉනිම සියලුදෙනා දැවී 286 යි. පකිස්ථානය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 407 ක් ලබා ගත්තා.
මෙම ඉනිමේදී සිය ලකුණු දස දහසේ සීමාව පසු කළ යුනිස් ඛාන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 58 ක්.
ඔහු ලකුණු දස දහසේ සීමාව පසු කළ පළමු පකිස්ථාන ක්‍රීඩකයායි.
එමෙන්ම යුනිස් ඛාන් ටෙස්ට් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව 13 වන ක්‍රීඩකයා ද වනවා.
ටෙස්ට් තරග 116 කට ක්‍රීඩා කර ඇති යුනිස් ඛාන් ටෙස්ට් ශතක 34 ක් සහ අර්ධ ශතක 33 ක් ලබා සිටිනවා.
මේ අතර සිය සමු ගැනීමේ ටෙස්ට් තරගාවලියට සහභාගී වන මිස්බා උල් හක් ඊයේ අවාසනාවන්ත ඉරනමකට මුහුණ දුන්නේ ශතකය අභියස සිටියදී අනෙක් සියලු ක්‍රීඩකයන් දැවී යාම හේතුවෙන්.
ඔහු නොදැවී ලකුණු 99 ක් ලබා ගත්තා.