සෙරීනා විලියම්ස් ගැබ් ගනී (ඡායාරූප)

Wednesday, 26 April 2017 - 18:39

%E0%B7%83%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තමා ගැබිණියක් බවට ලොව සුපිරිතම ටෙනිස් ශූරියක් වන සෙරීනා විලියම්ස් පිළිගෙන තිබෙනවා.

ඒ අන්තර්ජාලය ඔස්සේ ඇයගේ ගැබිණි බව දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්වීම පිළිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අත්වැරදීමකින් ගැබිණි බව දැක්වෙන මෙම ඡායාරූපය අන්තර්ජාලයට එක්වු බවයි සෙරීනා විලියම්ස් ප්‍රකාශකර ඇත්තේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට සෙරීනාගේ ඡායාරූපයක් නොදැනුවත්වම එක් වු අතර එය ඉවත් කිරීමට පෙර විශාල පිරිසක් අතර එය ප්‍රසිද්ධියට පත්වී තිබු බව සඳහන්.

එම ඡායාරූපයත් සමග (\"20 weeks\") යනුවෙන් සටහනක් ද එක්කර තිබුනා.

ඇය විදෙස් මාධ්‍ය වෙත හෙළිකර ඇත්තේ ගැබ් ගැනීමෙන් අනතුරුව තමා කුස නෙරා එන ආකාරය දැක ගැනීමට සෑම සතියකට වරක්ම ඡායාරූප ලබාගන්නා බවයි.

එය අනාගතයේදී තමාට සතුටක් දනවනු ඇතැයි ද සෙරීනා විලියම්ස් ප්‍රකාශකර තිබෙනවා.

තමා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි සුපිරි ටෙනිස් ශූරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනවාරි මාසයේදී පැවති ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට දින දෙකකට පෙර තමා ගැබිණියක් බවට ප්‍රථමයෙන් දැනගත් බව ඇය ප්‍රකාශකර තිබෙනවා.

කෙසේවෙතත් තමා මවක් බවට පත්වුව ද ඉදිරි තරග සැලසුම්වල වෙනසක් නොවන බවයි සුපිරි ටෙනිස් ශූරිය අවධාරණය කර ඇත්තේ.

මෙය තම දිවියේ එක් පරිච්ඡේදයක් පමණක් වන අතර එමගින් තරගවලට කිසිදු බාධාවක් නොවන බව ඇය කියාසිටියා.

තම දරුවා ද කෙදිනක හෝ තමාගේ තරගවල තමාට ශක්තියක් වෙමින් ඔල්වරසන් දෙනු ඇති බවයි සෙරීනා විලියම්ස්ගේ බලාපොරොත්තුව වන්නේ.

\"\"