දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ වෙනසක්

Thursday, 27 April 2017 - 13:34

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%A9%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A9%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වන මාලන් සැමුවෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඒ ආබාධයකට ලක්වු කඩුලු රකින ක්‍රීඩක සහ පිතිකරු ක්වින්ටන් ඩි කොක් වෙනුවෙන්.

ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් මාලන් සැමුවෙල් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ලබන 29 වනදා එක්වන අතර තරගාවලිය අවසන් වන තෙක් ඔහු කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ඇගිල්ලක ඇතිවු ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කෙරුනු ක්වින්ටන් ඩි කොක් අයි පී එල් තරගාවලිය වෙනුවෙන් එක්කර ගනු ලැබුවේ  පසුගිය මාසයේ පැවති නවසීලන්ත තරග සංචාරය අතරතුරදීයි.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට කැඳවුම් ලැබු මාලන් සැමුවෙල් මෙවර අයි පී එල් තරගාවලියේ වෙන්දේසි නොවු ක්‍රීඩකයන්ගෙන් අයෙක්.

ඔහු අවසන් වරට මෙම තරගාවලියට එක්වී ඇත්තේ මීට වසර 4 කට පෙර එනම් 2013 වසරේදීයි.

ඒ පුනේ වොරියස් කණ්ඩායම වෙනුවෙන්.

2016 වසරේ පළමු වරට 20 යි 20 තරගවලට ක්‍රීඩා කිරීම ආරම්භ කළ මාලන් සැමුවෙල් සිය ජාත්‍යන්තර 20 යි 20 තරග දිවිය තුල තරග 149 කට ක්‍රීඩා කර ලකුණු 3757 ක් ලබා තිබෙනවා.

ශතක දෙකක් ද ඊට ඇතුලත්.

මෙම තරගවලදී මාලන් සැමුවෙල් ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 68 ක්.

ඔහු එක්වන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ සහභාගී වු තරග 6 න් ජයග්‍රහණය කර ඇත්තේ දෙකක් පමණයි.

ඔවුන් සහභාගී වන මීළග තරගය හෙට පැවැත්වෙනවා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගයි.

මෙවර තරගාවලියේදි දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු සාර්ථකව ලකුණු අතරට පිවිසීමට හැකියාවක් නොලැබීම හේතුවෙන් මාලන් සැමුවෙල් හෝ එම අවස්ථාව උදාකරගනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයන් විශ්වාසය පළ කරන්නේ.