ඉරානයේ සිටින සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසීගේ පිටපත

Wednesday, 10 May 2017 - 10:15

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ හැඩරුවට අතිශය සමාන රුවක් හිමි තරුණයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රේසා පරස්ටෙෂ් නම් මෙම තරුණයා ඉරානයේ,  හැමඩන් නගරයේ ජිවත් වන බවයි වාර්තා වන්නේ.

හැමඩන් නගරයේ ජිවත්වන බොහෝමයක් දෙනා මෙසීගේ රුවට සමාන රුවක් සහිත මෙම තරුණය සමග ඡායාරූප ගැනීමට කැමැත්තක් දක්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

ඡායාරූප ගැනීම සඳහා ඔහුට පවතින අධික ඉල්ලුම හේතුවෙන් සති අන්තයේ ඔහුට පොලිසියේ සහාය පැතීමට සිදුව ඇති බව සදහන්.

ඡායාරූප ගැනීමට යාමේදී කලබලකාරී වාතාවරණය පාලනය කර ගැනීම සඳහා රේසා පරස්ටෙෂ්ගේ මෝටර් රථය සිය භාරයේ තබා ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කර තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා  ලියොනෙල් මෙසීව අනුකරණය කරමින් සිය කොණ්ඩය සහ රැවුල සකස් කිරීමට හුරුවී ඇති බවයි වාර්තා වන්නේ.

ලියොනෙල් මෙසීව වඩාත් හොඳින්  අනුකරණය කිරීමට මෙහු පාපන්දුව මනාව හැසිරවීමට පුහුණු වෙමින් සිටින බව සදහන්.