2017 IPL ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

Sunday, 21 May 2017 - 23:50

2017+IPL+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුනා.

ඒ රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කරමින්.

අවසන් මහා තරගය පැවැත්වුනේ හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස් කළා.

කෘනල් පාන්ඩ්යා 47 යි.

රෝහිත් ශර්මා ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ජයදේව් උනාද්කත් / ඇඩම් සම්පා සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 128ක් පමණයි.

ස්ටීවන් ස්මිත් 51 යි. අජින්කෙයා රහනේ ලකුණු 44 ක් ලබාගත්තා. මිචෙල් ජොන්සන් කඩුලු 3යි.

ඒ අනුව මෙවර අයි පී එල් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හිමිවුනා.

ඔවුන් අයි පී එල් ශුරතාවක් හිමිකර ගත් තුන්වන අවස්ථාව ද මෙයයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය ජයග්‍රහණය සැමරූ හැටි පහතින්.





\"\" \"\"