ඉන්දියාවට ලකුණු 265 ක ඉලක්කයක්

Thursday, 15 June 2017 - 18:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+265+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශූරයන්ගේ කුසලානයේ දෙවන අවසන් පුර්ව තරගය ජයගෙන අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ලබාගැනීම සඳහා ඉන්දියාවට ලකුණු 265 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 264ක් රැස් කළා.

තමින් ඉක්බාල් 70 යි. මුශ්ෆිකර් රහීම් ලකුණු 61 ක් රැස් කළා.

මහමුදුල්ලා 21 යි. මශ්රෆි මොටාසා නොදැවී ලකුණු 30 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් / ජස්ප්‍රිට් බුම්රා සහ කෙදාර් ජාදෙව් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.