ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නම් කෙරේ

Tuesday, 11 July 2017 - 17:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉන්දියාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම ඉන්දීය කණ්ඩායමේ නායකයෙකු වු රවි  ශාස්ත්‍රි පත්කර තිබෙනවා.

ඒ වසර දෙකක කාලයක් සඳහායි.

ඒ අනුව මීළග ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා රවි ශාස්ත්‍රී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසට කටයුතු කරනු ඇති.

2014 වසරේ සිට 2016 වසර දක්වා කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙසට ද කටයුතු කළා.

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වු ටොම් මුඩි / ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වත්මන් පුහුණුකරු / පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ හිටපු පුහුණුකරු මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අධ්‍යක්ෂ රිචඩ් පිබස් ද ඉල්ලුම් කර තිබුනා.

නව පුහුණුකරු ධුරයට පත්වු රවිශාස්ත්‍රි ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති.

මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරගයක් ඇතුලත්.

මේ අතර විරේන්ද්‍ර ශෙවාග් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු වනු ඇතැයි මීට පෙර මත පළවී තිබුනා.

55 හැවිරිදි ශාස්ත්‍රීව ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව ඊයේ(10) සම්මුඛ පරීක්ෂණයකට ලක් කර තිබුනා.

සචි තෙන්ඩුල්කාර්, සව්රව් ගංගුලි හා V V S ලක්ෂ්මන් එහි සාමාජිකයන්.