ශමින්ද එරංගගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බව ICCය කියයි

Tuesday, 18 July 2017 - 19:32

%E0%B7%81%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%91%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+ICC%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි මස 31 වනදා එංගලන්තය සමග චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේදීයි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තීරණය කෙරුනේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව තීරණයත් සමග ශමින්ද එරංගට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව හිමිවනවා.

ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය විසින් චෙන්නායි නුවරදී පවත්වනු ලැබුවා.

එහිදීයි ඔහුගේ පන්දු යැවීම පිළිබඳ තීරණයට එළඹී ඇත්තේ.

ඔහුට පන්දු යැවීමට අවසර හිමිවුව ද සැක කටයුතු යමක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තා කිරීමට විනිසුරුවන්ට තවදුරටත් හැකියාව පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළා.

එමෙන්ම ශමින්ද එරංගගේ පන්දු යැවීම පිළිබඳ වීඩියෝ දර්ශණ සහ ඡායාරූප ද ක්‍රිකට් විනිසුරුවන්ට ලබාදීමට පියවර ගැනෙනු ඇති.

ඒ අනුව නව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ විනිසුරුවන්ට අධ්‍යයනය කර ඒ සම්බන්ධ අවධානයෙන් පසුවිය හැකි බවයි ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ.