ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් ලෙස අලුතින්ම පත්වූ හිටපු සුපිරි පිතිකරු යුගල මෙන්න

Monday, 24 July 2017 - 16:51

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ශ්‍රීලංකා කණ්ඩායමේ  හිටපු සුපිරි පිතිකරුවෙකු වන හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා.

ඉන්දු ශ්‍රීලංකා ටෙස්ට් තරඟාවලියේදී ඔහු මෙම ධුරය දරණු ඇති.

දෙපිල අතර එක්දින තරඟාවලිය සදහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව සදහන්.

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක පසුගියදා ඉන් ඉවත් වීමෙන් පසුව චමින්ද වාස් එම තනතුරට පත් කෙරුණා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ  ශ්‍රී ලංකා සංචාරයේදී පස්දින ටෙස්ට් තරග තුනක් එක්දින තරග පහක් හා 20 – 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරග තුන ජුලි 26 – 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත් අගෝස්තු 3 – 7 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේත් අගෝස්තු 12 – 16 දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරඟ පහ අගෝස්තු 20 (දඹුල්ල) අගෝස්තු 24 (පල්ලේකැලේ) අගෝස්තු 27 (පල්ලේකැලේ) අගෝස්තු 31 (මාලිගාවත්ත ප්‍රේමදාස ක්‍රීඩාංගණය) හා සැප්තැම්බර් 3 (මාලිගාවත්ත ප්‍රේමදාස ක්‍රීඩාංගණය) පැවැත්වීමට නියමිතයි.

මේ සෑම දිනකටම පසුදා විවේක දිනයක් නම්කර ඇත්තේ වර්ෂාව පැවතුනහොත් විවේක දිනයේ දී එම එක්දින තරගය පැවැත්වීමේ අරමුණින්.

එකම 20 – 20 තරඟය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 6 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.