ලෝකයක් ඉදිරියේ උසේන් බෝල්ට් හෙළිකළ තහනම් උත්තේජක කතාව

Wednesday, 02 August 2017 - 8:12

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
මළල ක්‍රීඩකයින් තහනම් උත්තේජක භාවිතා කිරීම වැඩි වී ඇති බව ජැමෙයිකාවේ කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් පවසනවා.

බී.බී.සී. ලෝක සේවය සමඟ කියා සිටියේ මෙම ප්‍රශ්නය ඉදිරියේදී මළල ක්‍රීඩකයන්ගේ අනාගතයට දැඩි ලෙස බලපානු ඇති බවයි.

30 හැවිරිදි උසේන් බෝල්ට් ලබන මාසයේ ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහ මීටර් සීය - හතර, සහය දිවීමේ ඉසව්වට ද සහභාගි වන බව සහතික කර තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු ජාත්‍යන්තර මළල ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමට නියමිතයි.