ගුරුසිංහ ක්‍රිකට් කළමනාකාරිත්වයෙන් ඉල්ලා අස් වූ බවට පැතිරයන කතාවේ ඇත්ත මෙන්න

Monday, 07 August 2017 - 7:32

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයෙන් තමන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අසංක ගුරුසිංහ පවසනවා.

එවැනි ප්‍රචාරයන් සිදු නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරිම සදහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කිරිම වැදගත් බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක රොමේෂ් රත්නායක පත් වනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දැනට වේග පන්දු පුහුණූකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්විමට නියමිතයි.