ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය ලංකාවට විශේෂ වන හේතුව මෙන්න

Friday, 18 August 2017 - 17:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන ඉරිදා දඹුල්ලේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළා.

දෙරට අතර එක්දින තරගාවලියේ තරග ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට විශේෂත්වයක් ද පවතිනවා.

2019 ක්‍රිකට් ලෝක කුසලානයට ඍජුව තේරී පත්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියෙන් තරග 2 ක් හෝ ජයග්‍රහණය කළ යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 88 ක් ලබා ගනිමින්.

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ තරග 2 ක් ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 90 ක් ලබා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සම තත්වයකට පත්වනවා.

කොදෙව්වන් මේවන විට ලකුණු 78 ක් ලබා 9 වන ස්ථානයේයි පසුවන්නේ.

ඔවුන්ට ඉදිරියේදී අයර්ලන්තය සහ එංගලන්තය සමග පවතින තරග ජයග්‍රහණය කළහොත් ලකුණු 88 ක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහි තරගාවලියේදී එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළහොත් කොදෙව්වන්ට ප්‍රසාද ලකුණුවලින් ශ්‍රී ලංකාව අභිබවා යාමට හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් ඒ සඳහා ඔවුන් ඉදිරියේ පැවැත්වෙන තරග සියල්ලම ජයග්‍රහණය කළ යුතුයි.