ශ්‍රී ලංකාවට තීරණාත්මක එක්දින තරඟාවලිය අද ඇරඹේ

Sunday, 20 August 2017 - 7:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

ටෙස්ට් තරගාවලියේදී ලද ඛේදනීය පරාජයෙන් අනතුරුවයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග එක්දින තරගාවලියට මුහුණ දෙන්නේ.

ඒ ගිලිහුණු අභිමානය, එක්දින තරගාවලියේදී හෝ යලි ගොඩනගා ගැනීමේ අරමුණ අතැතිවයි.

ඊට අමතරව, 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අභියෝගාත්මක ඉලක්කය ද ඔවුන් හමුවේ පවතිනවා.

මීට පෙර ශ්‍රී ලංකා පිල දඹුල්ලේදී මුහුණදුන් එක්දින ජාත්‍යන්තර තරග 40 කින් 25 ක් ජයග්‍රහණය කළා.

කෙසේ වෙතත්, 1997 වසරෙන් පසුව ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවීම කැපී පෙනෙන තත්ත්වයක්.

මේ අතර, එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට සිය කණ්ඩායමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග ප්‍රකාශ කළා.

ඒ දඹුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.