පළමු එක්දින තරඟයේ පළමු වාසිය ඉන්දියාවට

Sunday, 20 August 2017 - 14:02

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

තරඟ 05 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ටෙස්ට් තරගාවලියේදී ලද ඛේදනීය පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට මුහුණ දෙන්නේ, ගිලිහුණු අභිමානය, එක්දින තරගාවලියේදී හෝ යලි ගොඩනගා ගැනීමේ අරමුණ අතැතිවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට එක්දින තරඟයකදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කළේ එංගලන්තයේදී අවසන් වූ ශුරයින්ගේ කුසලාන තරඟාවලියේදී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර දඹුල්ලේ දී මුහුණදුන් එක්දින ජාත්‍යන්තර තරඟ 40 කින් 25 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

අද තරඟයට එක්වන ශ්‍රීලංකා කණ්ඩායම පහතින්.

1. උපුල් තරංග (නායක)
2. ඇන්ජලෝ මැතිව්ස්
3. නිරෝෂන් දික්වැල්ල
4. කුසල් මෙන්ඩිස්
5. ධනුෂ්ක ගුණතිලක
6. චාමර කපුගෙදර
7. ලක්‍ෂාන් සඳකැන්
8. තිසර පෙරේරා
9. ලසිත් මාලිංග
10.විශ්ව ප්‍රනාන්දු
11. වනිඳු හසරංග

ඉන්දීය කණ්ඩායම පහතින්.

1. රෝහිත් ශර්මා
2. ශිකර් ධවාන්
3. විරාත් කෝලි (නායක)
4. කුල්කේෂ් රාහුල්
5. මහේන්ද්‍ර සිං දෝනි
6. හර්දික් පන්ඩයා
7. කේදර් ජාදෙව්
8. බුවනේශ්වර් කුමාර්
9. අක්ෂා පටෙල්
10. ජස්ප්‍රීට් බුම්රා
11. යුශ්වින්ද්‍රා චාහාල්