ගේල්, සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට

Tuesday, 22 August 2017 - 9:17

%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට යළි එක් කර තිබෙනවා.

ගේල් අවසන් වරට කොදෙව් පිළ නියෝජනය කරමින් එක්දින තරගාවලියකට සහභාගි වූයේ 2015 මාර්තු මාසයේදියි.

සැමුවෙල්ස් පසුගිය වසරේ ඔක්තෝම්බරයෙන් පසු කොදෙව් පිළ නියෝජනය කළේ නැහැ.

ඔවුන් මෙලෙස කොදෙව් සංචිතයට එක්වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිළේ එංගලන්ත සංචාරය සඳහායි.

2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම තරඟාවලිය තීරණාත්මක තරඟාවලියක් වනු ඇති.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පසුගිය වසරේ පැවති තරගාවලියකදී පාලක මණ්ඩල සභාපතිවරයා විවේචනය කිරීම හේතුවෙන් ඩැරන් බ්‍රාවෝට තරග තහනමක් පනවනු ලැබුවා.

කෙසේවෙතත් එම සිද්ධිය පිළිබඳ පාර්ශව දෙකම නිවේදන නිකුත් කරමින් සමාව ඉල්ලා සිටිය ද ඩැරන් බ්‍රාවෝ මෙතෙක් සංචිතයට කැඳවා නැහැ.

එමෙන්ම ඩ්වේන් බ්‍රාවෝ ද පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම වසරේ කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමට හැකිවුයේ නැහැ.

එංගලන්තයට එරෙහි තරග සංචිතය නම් කරමින් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා සඳහන් කළේ මාලන් සැමුවෙල් සහ ක්‍රිස් ගේල් කණ්ඩායමේ නවකයන්ට සහය ලබාදීමට හැකියාව පවතින බවයි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට කොදෙව්වන්ට මෙම එක්දින තරගාවලිය අතිශයින් වැදගත් වනවා.

මේ හේතුවෙන් එහි වැඩි වගකීම් ක්‍රිස් ගේල් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනා අතර පවතින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.