රටම බලා සිටින අද තරඟයේ කණ්ඩායමේ සිදුවන වෙනස ?

Wednesday, 23 August 2017 - 17:38

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%3F
මෙම අවස්ථාවේදී ජයග්‍රහණය කිරීමේ වාසනාව තම කණ්ඩායම සතුව නොමැති බව ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පවසනවා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් තවමත් සාර්ථකත්වයට පත්වී නොමැති බවයි.

තරගය පුරා එකම ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වැදගත් වන අතර එය මෑත කාලීන තරගතවලදී සිදුව නොමැති බව ද උපුල් තරංග ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඕනෑම අවස්ථාවකදී තම කණ්ඩායමට දක්ෂතා අතරට පිවිසීමට හැකියාව පවතින බවයි උපුල් තරංග අවධාරණය කළේ.

මේ අතර ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය හමුවට එක්වෙමින් කියාසිටියේ ලසිත් මාලිංග කණ්ඩායමේ වැදගත් සාධකයක් බවයි.

එමෙන්ම කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලසිත් මාලිංගගේ සහය ලබාගැනීමට හැකි බව ද ඔහු කියාසිටියා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසට පැවැත්වීමට නියමිතයි.

හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි වුවත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැතිබව නායක උපුල් තරංග එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.