ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රිකට් ක්රීඩකයෙකු වූ චාමර සිල්වාට ක්රිකට්වලට අදාළ සියලූම කටයුතු වසර 2 කට තහනම් කර තිබෙනවා.
ඒ, දෙවන පෙළ ක්රිකට් තරගයකට අදාළව තරග පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 7 ක් තිස්සේ පැවති පරික්ෂණයකින් අනතුරුවයි.
පානදුර ක්රිකට් සමාජය සහ කළුතර කායවර්ධන සමාජය අතර එම තරගය පසුගිය ජනවාරි 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වුණා.
චාමර සිල්වාට අමතරව කළුතර කණ්ඩායමේ නායක මනෝජ් දේශප්රියට වසර 2 ක ක්රිකට් තහනමක් පනවා ඇති අතර, අනෙකුත් ක්රීඩකයන්, පුහුණුකරුවන් සහ පරිපාලකයන්ට වසරක ක්රිකට් තහනමක් පැනවුණා.
කණ්ඩායම් දෙකටම රුපියල් පන් ලක්ෂය බැගින් වූ දඩයක්ද නියම කර තිබෙනවා.
මෙම තරගයේ ප්රතිඵලය අවලංගු කිරීමත් සමග පානදුර සහ කළුතර කණ්ඩායම් වෙනුවට ශ්රී ලංකා වරාය අධිකාරියේ ක්රිකට් සමාජය පළමු පෙළ තරග සඳහා සුදුසුකම් ලබනවා.