නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

Sunday, 17 September 2017 - 6:35

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ඊයේ නම් කෙරුණා. නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්රෝයි මීට පෙර නම් කර තිබූ අතර, එහි අනෙකුත් සාමාජිකයින් නම් කිරීමයි එහිදී සිදුවූයේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගාමිණී වික්‍රමසිංහ සහ හිටපු පළමු පෙළ ක්‍රීඩක සහ තීරක ජෙරී වවුටර්ස් එහි අනෙකුත් සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.