චාමර සිල්වාගේ තරඟ තහනමට මහේල එරෙහි වෙයි

Sunday, 17 September 2017 - 12:34

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා  කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු චාමර සිල්වාට තරඟ පාවාදීමේ චෝදනාව යටතේ පැනවූ දඬුවම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

සිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් තහනමට එකඟ නොවන බවත් චාමර සිල්වා තරඟ පාවාදීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයා බවයි.

ඒ අනුව ඔහුට වසර දෙකක තහනමක් පනවා ඇති බවත් තරඟ පාවාදීමට සම්බන්ධ පුද්ගලයන්ට වසරක තහනමක් පනවා ඇති බවත් මහේල වැඩිදුරටත් පවසනවා.

මහේල වැඩිදුරටත් පවසන්නේ  පාවාදිමට එක්වූ පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක් ලබාදිය යුතු බවත් මීට සම්බන්ධ වූ නිලධාරින්ටද ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් ලබාදිය බවටයි.

දෙවන පෙළ ක්‍රිකට් තරගයකට අදාළව තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 07ක කාලයක් පුරා පැවති පරික්ෂණයකින් අනතුරුව චාමර සිල්වාට ක්‍රිකට් වලට අදාළ සියලුම කටයුතු වසර 2 කට තහනම් කෙරුණා.

පානදුර ක්‍රිකට් සමාජය සහ කළුතර කායවර්ධන සමාජය අතර එම තරඟය පසුගිය ජනවාරි 23 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වුණා.

චාමර සිල්වාට අමතරව කළුතර කණ්ඩායමේ නායක මනෝජ් දේශප්‍රියට වසර 02 ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර, අනෙකුත් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ පරිපාලකයන්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවුණා.

කණ්ඩායම් දෙකටම රුපියල් ලක්ෂ 05 බැගින් වූ දඩයක්ද නියම කර තිබෙනවා.

මෙම තරඟයේ ප්‍රතිඵලය අවලංගු කිරීමෙන් පසු පානදුර සහ කළුතර කණ්ඩායම් වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් සමාජය පළමු පෙළ තරඟ සඳහා සුදුසුකම් ලබනවා.