චාමර සිල්වාට දුන් දඬුවම පිළිබඳව ක්‍රීඩකයින් පිරිසකගේ විරෝධය !

Sunday, 17 September 2017 - 18:31

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%21
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ ප්‍රිමීයර් ලීග් තරඟාවලියේ පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය අතර පැවති තරඟ අතර සිදුවූ බව කියන තරඟ පවාදීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා මුල්වූ බවට පැවසෙන පුද්ගලයි හට ලබාදුන් දඬුවම් පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

තරඟ පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 07ක කාලයක් මුලුලේ පරික්ෂණය කටයුතු පැවැත්වුන අතර එම පරික්ෂණ වල ප්‍රතිඵලයන්ට අනුව ඊට සම්බන්ධ බව කියන ක්‍රීඩකයන්ට සහ නිලධාරීන් හට දඬුවම් පමුණුවනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වාට (පානදුර ක්‍රීඩා සමාජය) වසර 02ක ක්‍රිකට් තහනමක් පැනවූ අතර කළුතර කණ්ඩායමේ නායක මනෝජ් දේශප්‍රියටද වසර දෙකක තරඟ තහනමක් පනවනු ලැබුවා.

මිට අමතරව කණ්ඩායම් දෙකටම රුපියල් පන් ලක්ෂය බැගින් වූ දඩයක්ද නියම කෙරුණු අතර තරඟයේ ප්‍රතිඵලයද අවලංගු කිරීමට එහිදී තීරණය කළා.

කෙසේ වෙතත් චාමර සිල්වාට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ මේ වනවිට ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ්ද  සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

චාමර සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියම කළ තහනමට එකඟ නොවන බවත් චාමර සිල්වා තරඟ පවා දීම ප්‍රතික්ෂේප කළ පුද්ගලයා බවත්  මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

රසල් සිය නිළ ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසන්නේ චාමර සිල්වා උසස් ගතිගුණ වලින් යුත් ක්‍රීඩකයෙක් බවත් මෙම තීන්දුව තමන්ට හිසරදයක් පවා ඇති කළ බවයි.

කෙසේ වෙතත් චාමර සිල්වාගේ තහනම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රිඩකයන් පිරිසක් අද සවස රැස්වී සාකච්ඡාවක් සිදුකිරිමට සුදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම කණ්ඩායමට වර්තමාන ශ්‍රි ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් කිහිප දෙනෙකු සහ හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ වන බවට ආරංචි මාර්ග වාර්තා කරන  අතර මොවුන් රජයේ ඉහළම බලධාරීයෙකු හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම දඬුවම් ලබා දීමේ තීරණයේදී අදාල ක්‍රීඩා සමාජවල නිලධාරීන් බේරා ක්‍රිකට් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ට දඬුවම් පමුණු වීම සම්බන්ධයෙන් මෙම පිරිස විරෝධය පලකරන බව සඳහන්.