ප්‍රබල පිතිකරුවෙකුට වසර 5 ක තරග තහනමක්

Wednesday, 20 September 2017 - 14:59

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කලීඩ් ලතීෆ්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසර 5 ක තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ පසුගියදා පැවති පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී තරග පාවා දුන් බවට චෝදනා එල්ලලවීම හේතුවෙන්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කළ ලතීෆ්ට ප්‍රධාන චෝදනා 6 ක් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එල්ලකර තිබෙනවා.

ඔහු එම චෝදනා 6 ටම වරදකරු වී ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

මෙම තරග තහනමට අමතරව කහීඩ් ලතීෆ්ට පකිස්ථාන රුපියල් මිලියනයක දඩයක් ද පනවා තිබෙනවා.

මෙම දඩුවම හේතුවෙන් ලතීෆ්ට යළිත් 2022 වන තෙක් ක්‍රිකට් පිටියට පිවිසිමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී තරග පාවා දීම් චෝදනා එල්ලවු ක්‍රීඩකයෙකුට මෙතරම් දරුණු දඩුවමක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බවයි.

මෙම තරගාවලියේදී පකිස්ථාන ක්‍රීඩක ශර්ජීල් ඛාන්ට ද තරග පාවාදීම් චෝදනා එල්ලවු අතර ඔහුට ද තරග තහනමක් පනවනු ලැබුවා.