පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර ලහිරු තිරිමාන්න සංචිතයේ උප නායකයා ලෙසට කටයුතු කරනවා.
දිමුත් කරුණාරත්න / කෞෂාල් සිල්වා / කුසල් මෙන්ඩිස් / සධීර සමරවික්රම / රොෂේන් සිල්වා / නිරෝෂන් දික්වැල්ල / රංගන හේරත් / ලක්ෂාන් සඳකැන් / දිල්රුවන් පෙරේරා / සුරංග ලක්මාල් / නුවන් ප්රදීප් / විශ්ව ප්රනාන්දු සහ ලහිරු ගමගේ සංචිතයේ සෙසු ක්රීඩකයන් වනවා.
අතිරේක ක්රීඩකයන් ලෙසට ධනංජය ද සිල්වා / ජෙෆ්රි වැන්ඩර්සේ / අකිල ධනංජය / ලහිරු කුමාර සහ දසුන් ශානක නම්කර තිබෙනවා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ඉන් පළමු තරගය ලබන 28 වනදා අබුඩාබිහිදී ආරම්භ වනවා.
දෙවන තරගය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.
මේ අතර පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩා කිරීමේ අවස්ථාව ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමිවී තිබෙනවා. ඒ පාදයේ ආබාධයක් හේතුවෙන්.
මෙම ටෙස්ට් තරගාවලිය ශ්රී ලංකාවට සුවිශේෂී අත්දැකීමක් ද එක් කරනවා.
ඒ ශ්රී ලංකාව පළමු වරට දිවා රාත්රී ටෙස්ට් තරගයකට සහභාගී වීමයි.
ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අවසන් 20 යි 20 තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය පදනම් වන්නේ පකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය ලබාදෙන ආරක්ෂක වාර්තාව මතයි.