ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතය හෙට නම් කරන බව පකිස්ථානය කියයි

Friday, 22 September 2017 - 16:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථාන ටෙස්ට් සංචිතය නම් කිරීම ප්‍රමාද කළ හේතුව හෙළිවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන සංචිතය හෙට නම් කරන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

මෙතෙක් සංචිතය නම් කිරීමට නොහැකි වුයේ ආරම්භක පිතිකරුවෙකුගේ මෙන්ම දග පන්දු යවන්නෙකුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලුවක් මතුවීම හේතුවෙන්  බවයි තේරීම් කමිටු ප්‍රධානී ඉන්සමාම් උල් හක් සඳහන් කළේ.

පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර දණහිසේ ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු අසාර් අලිගේ ද යෝග්‍යතාව පිළිබඳ ගැටලුවක් මතුව ඇති බවයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියාසිටියේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගාවලිය ලබන 28 වනදා ආරම්භ වනවා.

යසීර් ෂා ටෙස්ට් සංචිතයට ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වන බැවින් ඔහුගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් සිටින බවයි ඉන්සමාම් උල් හක් කියාසිටියේ.

අසාර් අලි සුව අතට පත්වී ඇතත් ඔහු තවදුරටත් විවේක ගන්වන්නේ ද නැත්නම් සංචිතයට තෝරා ගන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමේ ප්‍රමාදය ද සංචිතය තේරීමේ ප්‍රමාදයට හේතු වු බව ඔහු සඳහන් කළා.

මේවන විට වේග පන්දු යවන්නන් 5 දෙනෙකු සංචිතයට නම් කිරීමට තීරණය කර ඇති බවයි පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා පෙන්වා දුන්නේ.

පකිස්ථානය පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර ඊට මීර් හමාස් නම් කෙරුනු අතර ශදාබ් ඛාන් සහ මොහොමඩ් හෆීස් ඊට නම්කර තිබුනේ නැහැ.

යසීර් ෂා සහ අසාර් අලිගේ යෝග්‍යතා පරීක්ෂණ හේතුවෙන් ප්‍රමාද වු සංචිතය හෙට වන විට නම් කිරීමට නිසැකවම හැකිවනු ඇතැයි ඉන්සමාම් උල් හක් වැඩිදුරටත් ප්‍රකාශ කළා.