ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඉල්ලයි

Saturday, 23 September 2017 - 15:55

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමන් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබෙනවා.

එවිට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ජනතාව අතර පැතිර යන මතයන් පිළිබඳ සත්‍යතාවක් පවතින්නේ ද යන්න හඳුනාගත හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමාගේ පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හිරු මාධ්‍ය වෙත කළ ප්‍රකාශය පිළිබඳ මේවන විට මතබේධයක් නිර්මාණය වී ඇති බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී තිබෙනවා.

තමා කළ ප්‍රකාශය තුලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රිදවීමට අපේක්ෂා නොකළ බව ද නිවේදනය මගින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම තමා සිදු කළේ කිසිවකුට හෝ නිගාවන ප්‍රකාශයක් නොවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩාව පිළිබඳ පැතිර යන මතවාද පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කර කණ්ඩායම තවදුරටත් ජයග්‍රහණය කරා රැගෙන යාම වෙනුවෙන් පසුබිමක් සැකසීම වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අපේක්ෂාව වු බව ද හිටපු සුපිරි ක්‍රීඩකයා සිය නිවේදනය මගින් සඳහන් කරනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජල බෝතල්වලින් පහරදීම පිළිබඳව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිහිපත් කර තිබෙනවා.

එය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සැවොම කණගාටුවට පත්වන සිදුවීමක් බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නොමැති අතර තමා ඉල්ලා සිටින පරීක්ෂණය මගින් පවතින ගැටලු විසඳා ගනිමින් කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට ශක්තියක් වනු ඇති බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහන් කළා.

ක්‍රීඩකයන්ට පැහැදිළි අරමුණක සිට බාධාවලින් තොරව යළිත් ඔවුන්ගේ දක්ෂතා අතරට පිවිසීමට නිවැරදි පරීක්ෂණයක් ඉවහල් වනු ඇතැයි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජනාධිපති පරීක්ෂණ කොමිසමට අමතරව ක්‍රිකට් ආයතනයේ අරමුදල් භාවිතය සම්බන්ධයෙන් කෝප් කමිටුව ද පරීක්ෂනයක් සිදු කිරීමේ අවශ්‍යතාව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

එය ක්‍රිකට් ආයතනයේ විනිවිධ භාවය සහ වගවීම පෙන්නුම් කරනු ඇතිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එල්ලවන චෝදනා සහ පවතින මතවාද පිළිබඳ අප විසින්ම පරීක්ෂණයක් සිදු නොකරන්නේ නම් එය ජාත්‍යන්තර පරීක්ෂණයකට මගපෑදෙනු ඇතැයි ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.