ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ ගැන ICC යෙන් පරීක්ෂණයක්

Sunday, 24 September 2017 - 6:21

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+ICC+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තහවුරු කළා.

ඒ අනුව අයි.සී.සී. දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ බවයි එමඟින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පවතින බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පදනමක් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් සඳහන් කළා.

මෙරට ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩකයන් 40දෙනෙකු පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලා සිටියා.

මේ අතර ක්‍රිකට් අර්බුධයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්බන්ධ බවට තමන් කළ ප්‍රකාශ පිලිබඳ සොයාබැලීම සඳහා කොමිසමක් පත් කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම චෝදනාවන්ට ලක් වූ පුද්ගලයන් විසින් පාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදුකෙරෙන පරීක්ෂණයක් හරහා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.

පසුගිය 9 වැනිදා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වර්තමාන ක්‍රිකට් අර්බුධය පිලිබඳ කරුණු කිහිපයක් අනාවරණ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්‍ය පරිදි කණ්ඩායමේ තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශ පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩකයන්
ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

මෙම නිවේදනයට ප්‍රතිචාර ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අද නිවේදනයක් නිකුත් කළ අතර ක්‍රිකට් ආයතන මාධ්‍ය නිවේදනයේ වැරදි ලෙස පෙන්වා දී ඇති පරිදි තමන් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල කර නොමැති බව එහි සඳහන් වනවා.

එමෙන්ම තමන් පෙන්වා දුන් අක්‍රමිකතා වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ද සම්බන්ධ වී තිබිය හැකි බැවින් මෙම ප්‍රකාශ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මෙම නිවේදනයේ සඳහන්.

එමනිසා තම චෝදනා විමර්ශනය සඳහා කොමිසමක් පත් කරන ලෙසට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.