ශේන් වෝන්ට බරපතල චෝදනාවක්

Monday, 25 September 2017 - 14:30

%E0%B7%81%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු සුපිරි ක්‍රීඩකයෙකුට බරපතල චෝදනාවක්

හිටපු සුපිරි ක්‍රීඩකයෙකුට බරපතල චෝදනාවක්

ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිිරි ක්‍රීඩකයෙකු වන ශේන් වෝන්ට බරපතල චෝදනාවක් එල්ලවී තිබෙනවා.

ලන්ඩනයේ රාත්‍රී සමාජ ශාලාවකදී වැඩිහිටියන්ට පමණක් සීමා වු චිත්‍රපට නිලියක් සමග ආරවුලක් ඇති කර ගත් බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

වැලරි ෆොක්ස් නම් 30 හැවිරිදි නිලිය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර තුවාල සිදුවු බව පෙන්වා ඡායාරූප ද ට්විටර් ගිණුම ඔස්සේ පළකර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඔවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාව තුල උණුසුම් වචන හුවමාරුවක නිරතවන ආකාරය ද එහි සිටි පිරිස් දැක ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ නිලිය බිම ඇද වැටී සිටි බව ද සඳහන්.

ලන්ඩන් ආරක්ෂක අංශ මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශණයක් ආරම්භ කර ඇති අතර CCTV දර්ශණ පරීක්ෂා කර පරීක්ෂණ සිදු කිරීමට ද නියමිත බව විදෙස් පුවත් සේවා සඳහන් කළා.

\"Shane