චාමර සිල්වාට තරග තහනමක් පැනවීම ගැන ක්‍රීඩා ඇමතිගෙන් පරීක්ෂණයක්

Wednesday, 27 September 2017 - 14:44

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චාමර සිල්වා ඇතුළු ක්‍රීඩකයන් පිරිසකට තරග තහනමක් පැනවීමට හේතුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. 2016 - 2017 ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ තරගයක අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකට පසුවයි චාමර සිල්වා ඇතුලූ සෙසු ක්‍රීඩකයන්ට මෙම තරග තහනම පැනවුණේ.