මැතිව්ස්ට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් අහිමි වෙයි ?

Saturday, 30 September 2017 - 18:26

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙනවා.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන මස 6 වනදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි.

පසුගියදා කොළඹදී පැවති පුහුණු සැසියකදී මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුනා.

ඒ හේතුවෙනුයි ඔහු පළමු එක්දින තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කෙරුනේ.

කෙසේවෙතත් මෙතෙක් එම ආබාධ තත්වය සුව නොවීම හමුවේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ද මැතිව්ස් සහභාගී නොවනු ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය සඳහන් කළේ.

ඇන්ජෙලෝ මැතිව්ස් ලබන සඳුදා යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එහිදී දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනෙනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පවතින තත්වය අනුව දෙවන ටෙස්ට් තරගයට බොහෝදුරට ඔහු සහභාගී නොවනු ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය කියාසිටියේ.

යම් තරමකින් සුව අතට පත්ව සිටියදී දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීමට හැකියාවක් තිබුන ද ඉදිරියේදී පැවැත්වෙන අනෙක් තරග සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

එක්දින තරගාවලිය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පුර්ණ දායකත්වය ලබාගැනීම වෙනුවෙන් ඔහු සම්පුර්ණයෙන් සුව අතට පත්වීම වැදගත් බව ද ඔවුන් පෙන්වාදී තිබෙනවා.