ශ්‍රී ලංකාව අසීරු අඩියක

Monday, 02 October 2017 - 13:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%9A
පාකිස්තානු කණ්ඩායම සමඟ අඩුඩාබි හි පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වු අද දිනයේ දිවා විවේකයට පෙර, දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම නිමා කරන්නට පකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අද දිනයේ දිවා විවේකයට පෙර යැවූ අවසන් පන්දුවේදී ලකුණු 08ක් ලබාගෙන සිටි ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දවා ගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා  දැවී දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 138ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අනුව පකිස්ථාන කණ්ඩායමට වඩා ලකුණු 135ක් ඉදිරියෙන් පසුවන අතර පකිස්ථානයට  ජයග්‍රහණය සඳහා ලබා ගත ලකුණු සංඛ්‍යාව 136ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් ලබා හත් අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 30 සිමාව පසුකර යාමට යශීර් ෂා ප්‍රමුඛ පකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී යශීර් ෂා ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමු අතර මොහොමඩ් අබ්බාස් කඩුලු 02ක් දවා ගත්තා.

සිව්වන දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් බිද වැටි ලබා සිටි ලකුණූ සංඛ්‍යාව 69ක්.

පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි 422 ක් ලබා ගත් අතර පාකිස්ථානය පලමු ඉනිම සදහා ලබා ගත්තේ ලකුණු 419ක් පමණයි.