ශ්‍රී ලංකාව 34 ට 5 යි

Monday, 09 October 2017 - 8:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+34+%E0%B6%A7+5+%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානයට එරෙහිව පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ තුන්වන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 5ක් දැවී ලකුණු 34 ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 482 ක් රැස් කළ අතර, පාකිස්ථානයට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 262 ක් පමණයි.

ඒ අනුව මේ වනවිට පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 254 ක් ඉදිරියෙනුයි ශ්‍රී ලංකාව පසුවන්නේ.