පකිස්ථානයට යන්න ශ්‍රී ලංකා පුහුණුකරුවන් ඇතුළු සහායක කාර්ය මණ්ඩලයයේ කැමැත්ත

Monday, 16 October 2017 - 13:03

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරඟය සඳහා පාකිස්තානයේ ලාහෝර් නුවර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු සහායක කාර්ය මණ්ඩලය කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න, පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක, කළමනාකරු අසංක ගුරුසිංහ සහ ප්‍රධාන පුහුණුකරු නික්පොතස් යන අය සහ සහයක කාර්ය මණ්ඩලය කැමැත්ත පළකර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙරට අතර පැවැත්වෙන මෙම තරඟය ලාහෝර් නුවරදී පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක්ද භාර දෙනු ලැබුවා.

එමෙන්ම එම තරඟය වෙනත් ක්‍රීඩාංගණයක පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

ක්‍රීඩකයන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය අද දින ප්‍රකාශ කිරීමට නියමිතයි.

2009 වසරේ මාර්තු 03 වනදා ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පකිස්ථානයේ තරඟ පැවැත්වීමට කිසිදු කණ්ඩායමක් කැමැත්ත පළ කළේ නැහැ.